ආයුබෝවන් වාසනාවන්........!

ශ්‍රී ලාංකීක ඔබ සෑම දෙනාවම ඉතා ආදරයෙන් පිලිගමි.........

Sunday, June 27, 2010

නිහල් අයියා ......!


නිහල් අයියා කියන්නෙ අපේ ගමේ හිටපු එක්තරා උගත් කෙනෙක්.එයා පොත පත ඇසුරෙන් බොහෝ දේ ඉගනගත්තා.ඉතිං අන්න ඒ නිසම තමයි මම නිතර දෙවේලෙ ඒ පැත්තේ ගියේ ආවේ.මොකද එයා එක්ක කොච්චර වෙලාවක් හරි කථා කර කර හිටිය හැකි පාලුවක් නැතිව.
ඒ දවස් වල අපේ ගමේ තිබුනා කිතු දන පුබුදුව කියල එකක් ඒකත් ගමට ගෙනවෙ නිහල් අයියම තමයි එදා සඳුදා දවසක් අපේ අම්මා මාව එලවපු නිසාම මම ගියා පුබුදුවට යන්න කියල ඔය යන අතර තුරේ තව ටිකක් වෙලා තියෙන නිසා හැරුනා නිහල් අයියලගෙ ගෙදරට මොකද නිහල් අයියා හිටියෙත් පල්ලියට අල්ලපු වැටේ
නිහල් අයියා මගෙන් ඇහුව කොහෙද යන්නේ කියලා ඉතිං මම කිඋව පුබුදුවට කියල එතකොට මගෙන් ඇහුව ඇයි පුබුදුවට යන්නෙ කියල මම කිඋව නිකන් කියල එතකොට නිහල් අයියා මට කිඋව කිසිම දවසක කිසිම ගමනක් නිකන් යන්න එපාය, යන ගමනක් අරමුනක් ඇතිව යන්නය කියල ඔය විදියේ උපදෙස් ගොඩකුත් එක්ක තව තව බොහෝ දේවල් අපි එදා කතා කර ඉඳල කොහොම හරි පුබුදුව ඉවර වෙන වෙලවත් ආව එතකොට නිහල් අයියා මට කිඋව අනිල් දැන් යන්න ගිහින් අහන්න ඔයාල පුබුදුවට යන අරමුණ මොකක්ද කියල... ඉතිං ඊට පස්සෙ මමත් ගියා වැඩ කරු වගේ යද්දි කට්ටිය සුපුරුදු පරිදි පල්ලිය ඉදිරිපිට ඇති නිවසට ගොඩ වැදිල තේ එකක් එහෙම බිබී ඉන්නව මාව දැක්ක ගමන්ම ඇහුවෙ අනියෝ උඹ අද පල්ලි ආවෙ නැත්තෙ ඇයි කියලයි...මමත් ගෙට ගොඩ වෙලා එහෙම බිත්ති කන්ද උඩ වාඩි වෙන ගමන්ම ඇහුව අර නිහල් අයියා කියපු කථාව ....කට්ටියට පිස්සු හැදුනා....එකාට එකා මූණවල් බලගත්තා...පස්සේ පොඩි ජෝක් පාරක් දාලා කට්ටිය එතන නෝන්ඩිය කඩා ගත්තා කියමුකො.නමුත් පසුවදා උදේම මේ කට්ටිය ගියා ඇන්ටනී සර්ව හොයාගන(ඒ කිඋවෙ පුබුදු නායකයෙක්) ගිහින් වෙච්චි දේ ගැන කිඋවම සර්ට මල පැනල තමුසෙල මෙච්චර කල් පුබුදුව කෙරුවෙ ඒකෙ අරමුනවත් දැන්ගන නෙමේද කියල කෑ ගැහැඋවලු.ඊට ප්ස්සෙ කිඋවලු එහෙනම් අදවත් දැනගන්නවල පුබුදුවෙ අරමුන තමයි "දෙවියන් වහන්සේ තුල ජනතාව ඒක රාශි කිරීම" කියල....කට්ටිය බිම බලාගන හිටියලු.

1 comment: