ආයුබෝවන් වාසනාවන්........!

ශ්‍රී ලාංකීක ඔබ සෑම දෙනාවම ඉතා ආදරයෙන් පිලිගමි.........

Wednesday, May 26, 2010

වදුරො අල්ලන හැටි


වදුරො අල්ලන හැටි

මේ ඒකාකාරි ජීවිතෙ එක වෙලාවකට මට එපා වෙනව ඔන්න ඔහොම ඉන්න වෙලාවක තමයි අපේ මාමා මට පොඩි කාලෙ කියල දීපු කථාවක් මතක් උනේ.
ඕගොල්ලො දන්නවද වදුරො අල්ලන හැටි මේකත් එක්තරා මාර වැඩක් තමයි. ඔය වදුරන්ටත් කෑම දැක්කාම උන් හිටි තැන් පවා අමතක වෙනවළු
අර අපේ සමහර අයට වගේ. ඉතිං අන්න ඒ නිසා වදුරාගේ මෙම ගතිගුනය ඉතා හොදින් අදුනන අපේ මිනිස්සු මොකද කරන්නෙ කුරුම්බා ගෙඩියක කට පොඩියට කපා ළනුවක ගැට ගහල පැත්තකට වෙලා බලාගන ඉන්නව.
වදුරා ඇවිත් අර කුරුම්බා ගෙඩියට අත දාල ලොඳ සේරම සූරගන්නව ඊට පස්සේ අත මිට මොලවගන්නවා එතකොටම අර හැන්ගිලා බලන් හිටපු මිනිස්සු හොඳ පොල්ලක් අරන් ඇවිත් ගහල වදුරාව අල්ලගන්නවා. මරනය ඉදිරියේ උනත් වදුරා නෙමෙයි අර සූරාගත් කුරුම්බා ළොඳ ටික අත හරින්නේ.
ඉතිං ඕකයි වදුරගෙ කතාව............... නමුත් මට කියන්න ඕන උනේ ඕක නෙවෙයි.....
වෙලවකට මට හිතෙනව ඉතාලියෙ ඉන්න අපිත් ඔහොමද කියල............

No comments:

Post a Comment