ආයුබෝවන් වාසනාවන්........!
ශ්‍රී ලාංකීක ඔබ සෑම දෙනාවම ඉතා ආදරයෙන් පිලිගමි.........
වදුරො අල්ලන හැටිමේ ඒකාකාරි ජීවිතෙ එක වෙලාවකට මට එපා වෙනව ඔන්න ඔහොම ඉන්න වෙලාවක තමයි අපේ මාමා මට පොඩි කාලෙ කියල දීපු කථාවක් මතක් උනේ.
ඕගොල්ලො දන්නවද වදුරො අල්ලන හැටි මේකත් එක්තරා මාර වැඩක් තමයි. ඔය වදුරන්ටත් කෑම දැක්කාම උන් හිටි තැන් පවා අමතක වෙනවළු
අර අපේ සමහර අයට වගේ. ඉතිං අන්න ඒ නිසා වදුරාගේ මෙම ගතිගුනය ඉතා හොදින් අදුනන අපේ මිනිස්සු මොකද කරන්නෙ කුරුම්බා ගෙඩියක කට පොඩියට කපා ළනුවක ගැට ගහල පැත්තකට වෙලා බලාගන ඉන්නව.
වදුරා ඇවිත් අර කුරුම්බා ගෙඩියට අත දාල ලොඳ සේරම සූරගන්නව ඊට පස්සේ අත මිට මොලවගන්නවා එතකොටම අර හැන්ගිලා බලන් හිටපු මිනිස්සු හොඳ පොල්ලක් අරන් ඇවිත් ගහල වදුරාව අල්ලගන්නවා. මරනය ඉදිරියේ උනත් වදුරා නෙමෙයි අර සූරාගත් කුරුම්බා ළොඳ ටික අත හරින්නේ.
ඉතිං ඕකයි වදුරගෙ කතාව............... නමුත් මට කියන්න ඕන උනේ ඕක නෙවෙයි.....
වෙලවකට මට හිතෙනව ඉතාලියෙ ඉන්න අපිත් ඔහොමද කියල............
මම ඉතාලියට ආවෙ 1990 දී ඒ වෙනකොට මම රුපියියල් ලක්ෂයක් අත ගාල තියා දැකලවත් නෑ පළමුවෙන්ම මාව ඉතාලියට ගෙනාපු බුවාට 1.60,000 දෙන්න තමයි මම ඒ තරම් ලොකු මුදලක් ඇල්ලුවේ. ඒකත් ගත්තෙ පොළියට. ඉතින් ඒ වෙලවෙ මම හිතුවා ඉතලි ගිහින් අවුරුදු දෙකක් විතර යනකොට රු.ල්ක්ෂ 5ක් හොයාගත්තනම් ජීවිතේම ගොඩ කියල. එහෙම හිතපු මම කොහොම හරි ඉතලියටත් ආව කියමුකො. ඊට පස්සෙ අවුරුද්දක් විතර යනකොට මගේ බිරින්දැවත් ගෙන්න ගත්තා ඊට පස්සෙ ගේ දොර ,ඉඩ කඩම්. යාන වාහන මේ කියන හැම දෙයක්මත් කරගත්තා ඉතින් ඔහොම ඔහොම කාලය ගෙවිල ගියා දරුවො එහේ අපි මෙහේ අර ලක්ෂ 5 හේ ඒවා දැන් ඕන තරම්..............ඒත් දැන් අපිට ලංකාවට යන්න බැරි තව හේතුවක් තියෙනව......ඒ තමා...දැන් අපේ ළමයි සේරම මෙහෙ. ඉතින් ඔය වගෙ ඉතාලියට ආපු අයට ලංකාවට යන්න බැරි හේතු ගොඩායි..............!!!!!!!!!!!!